ජිවිතේ එකම එ‍ක පාරක් හරි මරණ භය ඔය ගොල්ලන්ට දැනිලා තියෙනවද කියලා මම ඇහුවොත් ඔය ගොල්ලෝ මොනවා කියයිද? අපි හැමෝම ජිවත් වෙන්න කැමතියි.. මැරෙන්න අපි හැමෝම භයයි.. එත් මරණය කොයි වෙලේ වැළඳ ගන්න සිදුවෙයිද කියා, ජීවත්වෙන හැම තප්පරයකදීම හිතට ආවොත්.. ඒක දරා ටිකක් අමාරුයි නේද? ආන්න ඒවාගේ කතා තේමාවක් රැගත් චිත්‍රපටියක් තමයි ” The Grey ” කියන්නේ…මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි “John Ottway”. එම චරිතයට පණ පොවන්නේ සුපිරි නළු “Liam Neeson“. එයාගේ රැකියාව තමයි ඇලස්කාවල තෙල් නිධි සේවකයන් වෘකයන්ගෙන් ආරක්ෂා කරගැනීම. එයාගේ රැකියාවේ අන්තිම දවසේ එයා එයාගේ ජිවිතේ නැතිකරගන්න උත්සහ කරනවා.. එත් ජිවිතේ යතාර්ථය පසක් කරමින් ඔහු එයින් වලකින්නේ වෘකයෝ කෑගහන ශබ්දය ඇහිලා. ඒක හරියට ඔහුගේ දෛවයේ සරදමට සිදුවූ දෙයක් වගේ කියලයි මට හිතෙන්නේ..ඔහු ඇතුළු කණ්ඩායම නැවත නිවෙස් බලා එන අතරතුර ඔවුන්ගේ ගුවන් යානය විශාල කුනාටුවකට හසුවෙලා නොදන්නා ප්‍රදේශයකට කඩන් වැටෙනවා.. ජිවත් වෙන්න වාසනාව ඉතුරු වෙන්නේ මේ කතා නායකයා ඇතුළු කිහිප දෙනෙක්ට පමණයි.. ඉතින් මේ අයට නැවතත් තමනේගේ පාර සොයාගෙන නිවෙස් බලා යන්න පුළුවන් දෙයිද? ගුවන්යානාවක් මොවුන්ව සොයා පැමිණේවිද..ජීවිතය මරණය අතර සටන කෙලෙස නිමාවට පත් වෙයිද?… ඒක ඔබලා තීරණය කරන්න..IMDb ශ්‍රේණි ගත කිරීම් වලට අනුව 7.3 ක අගයක් ගත්මේ චිත්‍රපටිය 2012 වර්ෂයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත් එකක් කිවොත් මා නිවැරදී. මේ චිත්‍රපටිය අවසානයේ අපිට අපුරු පාඩමක් උගන්නවා ඒක තමයි. ජිවිතේ අපි හැමෝටම උරුම වුන අවාසාන මහා සටන තෙක් අපේ ජිවත සටන අපි පවත්වාගෙන යන්න ඕනේ…

Torrent Download

Direct Download

720P 900MB HDRip Direct Download